ටිකක් හිනා වෙලා යන්න

කොච්චර Computerඑකේ Internetඑකේ හිටියත් එකක් ලියන්න හිතුනෙ කතන්දර සූරීන්ගෙ blog එක කියෙව්වට පස්සෙ. වැඩ කරල මහන්සි උනහම මගෙ එකටත් ගොඩ වෙලා ටිකක් හිනා වෙලා යන්න. මගෙ ජීවිතේ වෙච්ච, අනිත් අයට වෙච්ච සහ අහපු පුන්චි පුන්චි කතා ටිකක් ලියන්න තමයි අදහස් කරන්නෙ. ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. කතා කියවලා ටිකක් හිනාවෙලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

ඊට අමතරව මගෙ Tourism ක්ෂේත්‍රයේ පොඩි පොඩි දේවල් ටිකකුත් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

Friday, February 18, 2011

හපොයි.......... ඔන්න 100යි........

2010 මැයි මාසයේ 28... එදා තමයි දවස.. වෙලාව පෙරවරු 10.28යි... ඔන්න මගෙ පළවෙනි පෝස්ට් එක එළි දැක්වුනා.... එදා ඉඳන් අද වෙනතුරු මාස නවයකට ආසන්න කාලයක් තිස්සෙ ගැට ගහගෙන ගහගෙන මෙන්න දානවා සියවන සටහන.... අද දවසේ ආපහු හැරිලා බලනකොට ඇත්තටම බ්ලොග් අඩවිය ගැන තියෙන්නෙ පුදුම සතුටක්..... පහතින් තියෙන්නෙ මගේ බ්ලොග් කලාවේ අවුරුද්දේ ගෙවුනු වැදගත් විස්තර......



බ්ලොග් එකෙන් ලැබුනු වැදගත්ම ප්‍රතිලාභය තමයි මට ලැබුනු යාළුවෝ.... දුකට සැපට එකට ඉන්න ඉතාම හොද යාලුවෝ ගොඩාක් මට මේ බ්ලොග් කලාව ලියන එකෙන් ලැබුනා...නම් වශයෙන් කියන්නේ නැත්තේ එක නමක් හරි මඟ ඇරුනොත් ඔහුට හෝ ඇයට ඇතිවෙන සිත් රිදීම වලක්වා ගන්නයි.... පහුගිය පෝස්ට් වල මේ යාළුවෝ ගැනත් අපූරු විස්තර තියෙනවා... ඒ නිසා මගේ යහලුවනේ.... ඔන්න තරහා වෙන්න එපා මම උඹලගේ නම් සඳහන් කරන්නෙ නෑ... 


ඒ වගේම ලංකාවේ විවිධ ක්ශේෂ්ත්‍ර වල ඉන්න ගොඩාක් දෙනා මට දුරකථනයෙන් කතා කරලා මගෙ මේ වැඩේ පසසලා මාව දිරිමත් කලා... අද වෙනකන් ලැබුනු 1400කට ආසන්න කමෙන්ට්ස් වලින් මම ලැබූ දිරිය වචනයෙන් කියන්න නොහැකි තරම්... පටන් ගද්දි හීනයක් වෙච්ච ෆලොවර්ස්ලා.. හිට්z ආදිය දැන් මම හිතුවාටත් වඩා එහා ගිහින්... ලියන්න වෙලාවක් නැතුව ඉද්දිත් ලියන්නම හිතෙන්නේ මේ අයට පින් සිද්ද වෙන්නයි... ඔයාල දුන්න හයිය මගෙ සිතේ ඇති කරන්නේ අප්‍රමාණ ධෛර්යයක්... ඒ වෙනුවෙන් ස්තූතියි ඔබට..... මුණ ගැහුනම මගේ බ්ලොග් එක ගැන ඔබ දුන්න යෝජනා වගේම චෝදනාත් මාව අඩි ගනනාවකින් ඉදිරියට තල්ලු කලා.... ඒ වෙනුවෙන් මාගේ හදපත්ලෙන් නැගෙන ස්තූතිය පිළි ගන්න...


ඒ වගේම සයිබර් සිහින උළෙල.... මම නිකමට දාපු පෝස්ට් එක.... ඒක සැබෑවක් වෙන්න කට්ටිය එකතු උනේ දවසින්... පිට්ටනිය වෙන් කරගෙන කමිටු හදාගෙන ඒ වැඩේ කරන්න එකතු උන හැටියටම මට හිතුනා මෙහෙම සිහිනයක් දැක්ක එකත් මහම මහ පිනක් හැටියට..... මේ වගෙ ක්‍රියා වලින් සයිබර් අවකාශයේ සමගිය ගොඩ නැගීම වගේම ගොඩාක් ධනාත්මක සිහිනයන් අපිට ඉටු කර ගැනීමට මුල් පියවරක් ලෙස දැකීමටද හැකි වේවි..


අනෙක... සයිබර් අවකාශයේ දැවැන්ත පුණ්‍යකර්මය... දිලුම්ගේ නිහඬ බව බිදීම... ඒ වෙනුවෙනුත් සැලකිය යුතු සහයෝගයක් ලබා දීමට ලැබීම මා ලැබූ විශාල භාග්‍යයක් ලෙස සලකන්න මට පුළුවන්.... ව්‍යාපාර කටයුතු එක්ක එන විවිධ මානසික පීඩනයන් ඇතුලේ මේ වගේ සද් කාර්යයකට අත ගසන්න ලැබීමත් මා ලද භාග්‍යයක්....



කවි, කතා, මඩ, විහිළු ආදී විවිධ මාතෘකා ගැන ලිව්වා වගේම ඉඳලා හිටලා දේශපාලනේ ගැනත් ලියුවා.... සමහරු කිව්වා මම නියමෙට ලියනවා කියලා.... සමහරු කිව්වා උබේ බ්ලොගෙන් කිසිම වැඩක් නෑ කියලා.... ඒත් මම ඔහෙ ලියුවා... හොඳම බ්ලොග් එක උඹේ කියපු අය වගේම මෙලෝ රහක් නෑ කියපු අයත් හිටියා.. සම්මාන වලදි ටැබූ විසින් සම්මානයක් පුද කරලා තිබීමත් මාව දිරිමත් කලා... ඒත් මම ඔහේ ලියුවා....


නම් වශයෙන් කියන්න විශේෂ ස්තූති දෙකක් තියෙනවා...


අංක 01. කතන්දර - ඔබතුමාගේ බ්ලොග් එකෙන් අභාශය ලබාගත්ත මම ලංකාවේ බ්ලොග් ක්ශේත්‍රයේ පොඩ්ඩක් විතර ස්ථාවරයි.... ඔබගේ පළවෙනි කමෙන්ට් එකෙන් කිව්වෙත් පටන් ගත්තට මදි කරගෙන යන්න ගට තියෙන්න ඕන කියලයි.... ඔන්න ඒ ගටෙන් 100ක්ම ලියුවා... ස්තූතියි ඔබට....


අංක 02. වැප් නිශාන්ත - බ්ලොග් එකේ තාක්ෂණික පැත්ත හදුන්වලා දුන්නේ ඔබතුමායි.... සින්ඩි වලට දාන හැටි අරවා මේවා ආදී බ්ලොග් එක ගැන දුන්න ශිල්පීය ඥාණය මට ගොඩක් වැදගත් උනා... ඒ විතරක් නෙවෙයි... සයිබර් ලෝකයේ මගේ හොඳ යහලුවෙක් බවටත් පත් උනා... ඒ වෙනුවෙනුත් මාගේ ස්තූතිය පිළිගන්න..


තවත් ලිව්වොත් ඒවා ලොකු ටෝක් වෙයිද දන්නෙ නෑ... එහෙනම් 101 වෙනි පෝස්ට් එකෙන් හමුවෙමු..... ආයෙත් ටිකක් හිනවෙන්න සැරසෙමු.....


ප.ලි. මම මෙය කියවන හැමෝගෙන්ම එක ඉල්ලීමක් කරනවා.. වෙනදා කමෙන්ට් නොකරට කමක් නෑ... ඔබේ කාලයෙන් පොඩ්ඩක් වැය කරලා මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා යන්න... මගේ බ්ලොග් එක ගැන ඔබට හිතෙන දේ... මට එය මහත් රුකුලක් වේවි.... 

74 comments:

  1. apppa... mulma suba pathuma magen... abhee aiyata jaya weewa.. matath passe ne bola aiye blog eka patan aran thiyenne.. sathutu wenna puluwan saahenna.. oya 100i man 50i... :) :)

    200 dith me wagema hamu wemu.. sihina bak maha ulela gana 200 weni post eken liyanna labeewa kiyala prarthna karanawa.. suba pathum....

    sinhalen ketuwe nathi unata sama wennooo.. wada godak mada inne...

    ReplyDelete
  2. මේක මම කියෝපු පළවෙනිම ලිපිය. මොකද මාත් අළුත්නෙ. මෙලන ඉදන් දිගටම එකතු වෙන්න බලා පොරොත්තු වෙනව. පරණ පෝස්ට් ටිකත් ඉඩ ලැබෙන විදිහට කියවන්නම්. චීරාත් කාලයක් ලිවීමට ලැබේවා කියල පාර්ථනා කැනව. :D

    ReplyDelete
  3. සෙන්චරියට සුබ පැතුම් මෙන්න මගෙන් ඩබල් සැලියුට්

    ReplyDelete
  4. 100 වෙනි ලිපියට උණුසුම් සුභ පැතුම් අභි අයියා........

    මං මුලදි නම් පිලිවෙලට කියවගෙන ආවට මැදදි ටිකක් එහෙ මෙහෙ උනා. පස්සේ කියෙව්වම කමෙන්ට් නොදා ගියා. මං එහෙම කරන්නැ සාමාන්‍යෙයන්. ඒත් ඉතින් දැන් ගොඩක් වෙලාවට එහෙම කරන්න වෙනවා. සමාවෙන්න ඒක ගැන. ළඟදිම ඒක නොකර ඉන්න තත්වෙට එන්නම්කෝ.

    එහෙනම් නෝ කේක් නෝ පාර්ටි සීය ගැහුවට වඩා රේට් එකකින් 200 ලියන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....!!!!!

    ReplyDelete
  5. අද සීයේ දෙකයි එළ එළ.......
    තව පෝස්ට් සියක් දහසකටත් වඩා ලියන්න ලැබේවා! :)

    ReplyDelete
  6. ආ මේන් මටත් ස්තුතියක් ..ලැජ්ජාවේ බැහැ ...

    හිත සතුටින් දෙන දෙයක් හින්දා මේන් පිළි ගත්තා ස්තුතියි [ නැද්ද බන් කේක් කැල්ලාක් ..ස්තුතිය කන්ටද :D ]

    100 ට වඩාව්ගයෙන් 200 ගහමු :D !!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. Congratulations....!!!
    මේ මේ අභීත බය්ල වැඩක් නැහැ මොකද දැන් මගෙ වැඩේ?
    තව ජොබ් එකක් තියෙනවා, එකට රියදුරෙකුත් අවශ්යය්. මම විස්තර අද හරි හෙට හරි ඊමේල් කරන්නම්. කෝටේෂන් එකක් දෙන්න හැකි ඉක්මනට, මොකද ඒ කස්ටිය මාර්තු මුල සතියේ එනවා.

    ReplyDelete
  8. ජයවෙවා !!!!!!!!!!!!!!!!!!!

    100 ගෑහුව වෙගෙටත් වඩා වෙගෙකින් 200 ගහන්න ලෑබෙවා!!

    ReplyDelete
  9. එලකිරි!!! එහෙනං අපියි උඹයි එකම දවසෙ සෙන්චරිය ගැහුවා නේද? ඉස්සරහටත් මේ වගේම හොඳට ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    ReplyDelete
  10. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අභිත අයියා.. comment කරේ නැති උනාට post කොහොමහරි කියවනවා :)

    ReplyDelete
  11. සුබ පැතුම් අභී

    Congratulations....!!!

    අපිට තව ගොඩක් කාලයක් ඇවිත් ටිකක් හිනා වෙන්න ලැබේව කියල ප්‍රර්තනා කරනවා. බ්ලොග් එක ගැන කියන්න තියෙන්නෙ හිනා වෙන්න මරු තැන කියල තමා.

    කොමෙන්ට් වලට රිප්ල්යි කොරන්න බලහන් කොමෙන්ට් වලින් බ්ලොග් කරුව දිරිමත් වෙනව වගේම රිප්ල්යි වලින් කොමෙන්ට් කරන අය දිරිමත් වෙනවා.

    ජය

    ReplyDelete
  12. සුබ පැතුම් අයියා

    ReplyDelete
  13. බ්ලොග් ගඩොල් ලටත් අදම 100 ලියලා,
    මරු, දිගටම හොදට ලියන්න.
    හැමදාම cඔම්මෙන්ට් නොකෙරුවට හැමදාම කියවනවා

    ReplyDelete
  14. Taboo SubjectsFeb 17, 2011 08:58 PM

    මේ පූසන් සෙට් එකට සුභ පැතුමක් ලියා අනෙක් පැත්ත හැරුණා විතරයි.

    මේ ඔබේ බ්ලොග් එක මා දකින හැටි.

    ඔබේ බ්ලොග් එක කියවන්ට ආසා හිතෙන සරල බ්ලොග් එකක්. නමුත් එතැනින් එපිටට යන්ට යම් බාධාවක් මා දකිනවා ඔබේ රචනා ශෛලිය තුළ. පෙන්නා දුන්නාට තරහ වෙන්න එපා, නමුත් එකම මට්ටමේ ඇති බ්ලොග් දෙකක් හැටියට මා නිරීක්ෂණය කළ දෙයක් තමයි බ්ලොග් ගඩොල් ඔබට වඩා දෙගුණයකටත් වඩා වැඩිපුර හිට්ස් අරගෙන ඇති බව. මීට ඔවුන්ගේ අපූර්ව, ඔවුන්ටම ආවේණික රචනා ශෛලිය බලපා ඇති බවයි මට හිතෙන්නේ.

    ඉදිරියට යාමේදී ඔබේ focus එක ගැන මීට වඩා ටිකාක් කල්පනා කළ යුතුය මා හිතනවා. එසේම පෝස්ට් ලිවීමේදී බ්ලොග් රචකයින් සුළුතරය ගැන හිතන්ට එපා. ඔබ බ්ලොග් ලිවිය යුත්තේ වෙනත් බ්ලොග් රචකයින් පිණිස නොව පොදු පාඨකයා සඳහා.

    ඔබ බොහෝ තැන්වල සංචාරය කළ කෙනකු නම් ඇයි මේ තොරතුරු බ්ලොග් එකට නො එක් කරන්නේ? උදාහරණයක් හැටියට කිතුල්ගල බෙලිලෙන අවට විස්තර ගැන මට බ්ලොග් පෝස්ට් දහයක් විතර ලියන්ට පුළුවන්. සරල හාස්‍යයට වඩා මේ විස්තර කොයිතරම් වැදගත්ද?

    ඉදිරියට යන්න. සුභ ගමන්.

    - Taboo

    ReplyDelete
  15. ඔන්න මගෙනුත් සුභ පැතුම්..!!

    ReplyDelete
  16. සුබ පැතුම් අයියේ... 200ත් ඉක්මනටම ලියන්න ලැබේවා.. අයියාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන..!

    ReplyDelete
  17. “2010 මැයි මාසයේ 28... එදා තමයි දවස... “
    ඔව් මල්ලි... එදා තමයි දවස...
    අපේ නැන්දම්මා අනන්ත දුක් විදලා මෙලොව හැර ගිය දවස.... වෙසක් පෝයට පස්සෙන්දා... ඔයා එදාම බ්ලොග් එක පටන් අරන්...

    ලිපි 100ක් ලිය පලකරගන්න පුළුවන් වුනා වගේ, හැමෝගෙම ආදරය ලබාගන්න පුළුවන් වුනා වගේ, හැමෝටම මඩ ගහන අතරතුරේ ඔයාත් මඩ නාගත්ත වගේ, නන්නාඳුනන යාළු මිත්‍රයන් තොග පිටින් ලැබුන වගේ, අසරණවෙච්ච අහිංසකයින්ට උදව් කරන්න ලැබුන වගේ, ඒව ඔයාගෙ ජීවිතය සෑහෙන්න තෘප්තිමත් කළා කියල විශ්වාසයි.... ඉදිරියටත් ඒ සියල්ලම නොඅඩුව ලැබේවායි පතන්නම්!!! (අනේ දෙවියනේ එතකොට මඩ... මඩත් නොඅඩුව ලැබේවා වෙනවනෙ... ඔන්න ඔහේ කමක් නෑ.. ආයෙ වෙනස් කරන්න බෑ :))

    ReplyDelete
  18. උඹ අද හවස එන්න කිවුවෙ 100 පාර්ටි එක දෙන්නද? එල ලියපං දිගටම

    ReplyDelete
  19. සෙන්චරියට සුබ පැතුම් , දිගටම ලියමු බලන්න එහෙනම් ...

    ReplyDelete
  20. සුභ පැතුම් අභී....

    හැමදාම කොමෙන්ට් නොකලට ඔන්න උපන් දිනේට මගෙන් කොමෙන්ට් සුභ පැතුමක්...

    ReplyDelete
  21. බ්ලොග් පෝස්ට් 100ක් ලියන එකේ අමාරුව දන්නේ ලියන මනුස්සයා.. පේනවනේ.. අවුරුදු දෙකකටත් ලගයි.. තාම 100ක් නෑ..
    සුබපැතුම් :)

    ReplyDelete
  22. හැමදාම කොමෙන්ට් නොකලට දිගටම කියවනවා! තව ලියන්න, සුබ පැතුම් !

    ReplyDelete
  23. සුබ පැතුම්, දිගු ගමනකට!

    ReplyDelete
  24. සුභ පැතුම් අභීතයෝ... සීයක් කියන්නෙත් ජීවිතේ අනිත් සෙල්ලං එක්ක සෙල්ලමක් නෙමෙයි නේද?

    ReplyDelete
  25. මමත් හැමදාම කමෙන්ට් නොකලට නිතරම මෙහෙට ගොඩ වෙනවා. නරකද ඔබ සංචාරය කරන පලාත් පිළිඹඳවත් ලිව්වොත්. අපූරු චරිත එහෙමත් හමු වෙනවා ඇතිනෙ.
    එහෙනම් දිගු ගමනකට සුභ පැතුම්!!!!

    ReplyDelete
  26. ALL BEST AYYA............
    ඉර හද තිෙයන තාක් ෙමය වැඡෙෙබවා.............!
    100-->

    ReplyDelete
  27. අඩේ . . . තොගෙ සීයට මගෙං "උම්ම්ම් . . . . . .මා . . .!!" එකක්.
    ඊයෙ තොගෙ ගෙදරටම ඇවිල්ල ඉඳලත් ‍තෝ නෑ නෙ ඔය වගක් කිවුවෙ . . . . කොබෝ නයාම කාපිය ‍තෝව.
    ප.ලි. ඒයි මරු බං උඹේ පැටිය. . . . මට ඒ විත්තිය හාමිනේට කියන්න විදියක් නෑ . . . කිවුව නං උඹට මාව බලන්න ඉස්පිරිතාලෙ එන්න වෙනව

    ReplyDelete
  28. සුභ පැතුම් යාලුව..දිගටම ලියන්න..ජයවේවා

    ReplyDelete
  29. සුභ පතලා විතරක් මදි වගේ බං...
    ස්තූතියි..ආයේ කොමෙන්ට් කොරන්න ඔන නැහැනේ..200 ලිව්ව දවසකට කියහං..ඊ ලග කොමෙන්ට් එක එදාට දාන්න...

    තොපේ 100ම කියෝපු අපිට ගහන්න ඕන මඩු වල්ගෙන්...
    ඒ මදිවට ඒවට තව කොමෙන්ට් දාන්නත් ගියා..නොදකිං..මං වගේ මෝඩයෙක්..

    හා දැන් පටන් ගනිං මඩ ගහන්න.

    ( එළ අභියෝ...ඔහොමම යං...)

    ReplyDelete
  30. මෙන්න මගෙනුත් වචනයක්.

    මගේ තියරිය තමයි මං කැමති දේවල් ලිවීම.

    අභීත වගේ පොඩ්ඩක් හිනාවෙන්න, ඒ එක්කම ටිකක් හිතට දැනෙන්න.

    කතාව A ඉඳලා Z දක්වාම කියන්න යන්න් ඕනෑ නෑ. බලන අපිටත් ටිකක් ඉතුරු කරන්න.

    කතාව ලියපු ගමන් දාන්න එපා. සතියක් දෙකක් තිස්සේ තියාගෙන බලන්න. මේක කරන්න නං පොඩි ස්ටොක් එකක් තියාගන්න ඕනෑ.

    ඔයා ලියන ඒවාට ටික දෙනෙක් අකමැතිවෙන්නත් ඉඩ තියෙනවා. ඒත් කේන්තිය, තරහ ගැනීම කරන්න එපා. කා එක්කවත් වලියට යන්න එපා. මගේ ඇඩ්වයිස් එක ඒකයි.

    -කතන්දරකාරයා

    ප/ලි
    අමුතුවෙන් නොකිව්වට මගේ සුභ පැතුම් කවදත් ඔබ සමගයි!

    ReplyDelete
  31. අභීත අයියේ කිසි දාක Comment නොකලාට හෑමදාම ගොඩ වෙලා යන blog එකක්. ඉතින් තව ලිපි දහස් ගනන් ලියන්න ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම 100 වෙනි ලිපියට අපෙන් උණුසුම් සුබ පෑතුම්. ( Comment නොකලට තරහ අවසර හොදේ)

    ReplyDelete
  32. අද ශතක දවස වගේ. කොමෙන්ට් කරන්න බැරි උනත් නිතරම කියවනව. අභීත ගේ සරල රචනා ශයිලිය හොඳයි. දිගටම කරගෙන යන්න සුබ පැතුම්.

    ReplyDelete
  33. අභීත අයියේ මගෙනුත් ඔන්න උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  34. ඈ බං අභියෝ... උඹලා මඩ ගහලා, නාලාළ අපිට හිනාවෙන්ඩ කියනවා... හිනා වෙවී කොහොමද බං කොමෙන්ට්ස් දාන්නේ... හිනාව නවත්තගන්න පහුවදා වෙනකල් ඉන්ඩ එපැයි....
    ‍මොක වුණත් මෙන්න මගෙනුත් හොට් හොට් සුබ පැතුම්.....
    (උඹ අවුරුදු උත්සවේ බනිස් කෑමේ තර‍ඟෙට ප්‍රැක්ටිස් කරලා ඉවරෙයි...?)

    ReplyDelete
  35. magenuth suba pethum...100ta wada ikmanin meetath wada honda kathandarawalin 200ta yamu...kiyawanna api innawa hemadama..

    ReplyDelete
  36. හුඟක් බ්ලොග් වල නිහඬ කියවන්නෙක් වන මම, අද වගේ දවසකත් අහක බලන් ගියොත්, හෙට උදේට අභීත බොන තේක වහ වීමේ ඉඩක් තියෙනවා. එක්දහස් එකසිය එකක් ලියන්නට සුභපැතුම්...

    ReplyDelete
  37. Jaya Weva machan !!!!

    ReplyDelete
  38. ABHEETHA AYYA..unusum subha
    pethum..
    aasawen kiyawana abheetha ayyage blog 1ta ikmantama double century1th daanna puluwan wenna kiyala praarthana karanawa Appa...

    ReplyDelete
  39. මගෙනුත් උණුසුම් සුබ පැතුම්. බලද්දි උඔලා පූසලා අපි ඔක්කොම එකම කාලෙදීනෙ බ්ලොග් ලියන්න අරං තියෙන්නෙ.........

    අර කතන්දර උඔට උපදේසයක් දීලා තියෙන්නෙ.... ඒකම මම බ්ලොග් ලියන්න ගත්තු කාලෙ මටත් කිව්වා.

    තව එකක් උඔට හොඳට කවි ලියන්න පුලුවන් මම දන්න හැටියට. ඒ වලිනුත් පෝස්ට් එකක් දෙකක් දාන්න.

    ReplyDelete
  40. 100 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම්... දිගටම ලියන්න.. අපි ඉතින් හැමදාම කියවනවා... :)

    ReplyDelete
  41. සුබපැතුම් සහෝ.
    නිතර කමෙන්ට් කරන්න නොලැබුනත්, ඉඩ ලැබෙන හැම වෙලාවකම කියවනවා.
    ජය!

    ReplyDelete
  42. සමනලී සහ අයිතිකාරයාගෙන් උණුසුම් සුභපැතුම්!!!!!!! තව තවත් ලියන්න ලැබේවා... :-)

    ReplyDelete
  43. අබිත අයියා...
    මේ බ්ලොග් එක මන් කියෙවුවට ගොඩක් කමෙන්ට් දාල නෑ. ඒ ගෑන තරහක් නෑනේ ඉතින්,..

    ඉතින් අපි ටිකක් හිනා වෙන්ට හිතුනම ඔබේ බ්ලොගේට එනවා... බරසාර දේවල් තිබ්බ කියලා බ්ලොග් එකක් හොඳ වෙන්නෙ හෝ සරල දේවල් තිබ්බ කියලා බ්ලොගක් නරක් වෙන්නෙ නෑ.

    ලෑබෙන රසයයි වටින්නේ... අපි කවුරුත් මේ බ්ලොග් ලියන්නෙ රසාස්වාදයට.. අන්තිමට ඊටත් එහා වෑඩි යමක් අපට ලෑබුනා.. හොඳ යාලුවෝ.. සද්කාර්‍යයන්ට මෑදිහත් වෙන්ට අවස්ථාව..
    ඉතින් ජයෙන් ජය..
    තව අගයන්ට දෙයක් තියනවා. සංවිධානය කිරීමේදී ඔබේ පෙරමුණ ගන්න හෑකියාව අගයනවා අයියා...

    ජය!

    ReplyDelete
  44. එල සහෝ දිගටම ලියන්න, පුලුවන් වෙලාවකට අනිවාරයෙන් comment එකක් දාන්නම්. ඔයාට සුභ පැතුම්. ජය

    ReplyDelete
  45. ජයයෙන් ජයම වේවා අභිත අයියට . අද මේ 100 ලිපිය ලිවුවා වගේම . 1000ත් ලියන්න . ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න මම මේ පාන්දර 3ටයි නැගිට්ටේ . මොකද ඒ වෙලාවට තමයි මගේ Dial UP connection එක වේගවත් . ඩොංගල් එකෙන් නම් එන්නම බෑ .

    ඉතින් අයියේ ඔහේ වගේ හිත හොඳ බ්ලොග් ලියන්නෙක් දැන අඳුන ගත්ත මමත් වාසනාවන්තයි . ටිකක් නෙවේ මම ගොඩක් හිනාවෙන තැනක් තමයි මේ ලස්සන පුංචි බ්ලොග් අඩවිය ,

    එහෙනම් 100 ගැහුවා වගේ 1000 ගහමු අපි ඉන්නවනේ කියවන්න ඕනම වෙලාවක..

    අපි කැපුනා .../

    ReplyDelete
  46. එලකිරි...

    දිගටම ලියන්න

    ReplyDelete
  47. නියමයි අයියේ.... දිගටම ලියන්න...............

    ReplyDelete
  48. magenuth suba petum

    ReplyDelete
  49. සුභපැතුම් අයියා....

    ReplyDelete
  50. All the best abhi ayya.Ape bula sirge, yaka sirge thawa katha tikak damuda?
    Namal

    ReplyDelete
  51. හලේ අබේ පාල අයියා මාමේ ඉක්මනට 200 වැනි පොස්ට් එක ලියන්න ලැබේවා කියා මා විසින් ප්‍රාර්තනා කරනවා... ජය වේවා...

    ReplyDelete
  52. අපේ සුදූ අභීත අයියාට ජයවේවා. (අපිනේ දන්​නේ මූ ගෝරිල්ලෙක් වගේ කළුයි කියලා)

    100ක් ලිව්වා වගේ තව ගොඩක් ලියන්න,, අපිව ගොඩක් හිනස්සන්න ආදරණීය අභියට ශක්තිය ​ධෛර්යය ලැබේවා. (ඒ වාගේම වෙලාවත් ලැබේවා)

    ReplyDelete
  53. සුබ පැතුම්, සුබ පැතුම්,සුබ පැතුම්,

    ඔබේ මම කැමතිම රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගැන ලියැවුනු ලිපි,

    ReplyDelete
  54. මනු සත්වයින්ග් අතර නියම මිනිසෙකු වූ උඹේ හදවතේ සුවඳ දැනේ මට නිබඳ ...... !

    ශතකයට මගෙනුත් පුංචි සුභ පැතුමක් මලේ...!

    ReplyDelete
  55. අර අලුත්ම අලුත් පුවත්, මාරම සීන් වගේ පෝස්ට් නම් පුතේ.. චා මැක්ස්! දිගටම බලම්දෝ කියලත් හිතුනා.. පිලිවෙළකට ලියන්ඩ.. ජය!!

    ReplyDelete
  56. මුලින්ම මගෙ උනුම උනු උනුසුම් සුභපැතුම්...!!!
    බ්ලොග් 1ක ගැන කියනවනම්... එල තමයි...
    ඔය ගියාවගෙ දිගටම ලියන්න...

    සුභ දවසක්..!!

    ReplyDelete
  57. සුභ පැතුම් අය්යෙ. තව පෝස්ට් 1000ක් ලියන්න ශක්තිය ලැබෙන්න ඕනෙ

    ReplyDelete
  58. කොච්චර වැඩ තිබ්බත් උඹට සුබ පතන්න වෙලාව තියෙනවා මචං. ජයවේවා..

    ReplyDelete
  59. අභීතයෝ.... මගෙනුත් සුබ පැතුම් ඔන්න... බ්ලොග් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ බන්.. මම බ්ලොග් කියවන්නේ ඔලුව නිදහස් කරගන්න... මේ බ්ලොග් එකෙන් ඒක නියමෙටම වෙනවා. ඒත් මම කැමතිම උබ අර ගම ගැන ලිව්ව පෝස්ට් එකට.. ජීවිතේට සමීප නිසා වෙන්න ඇති.

    මේ ඒක නේමේ... 100 සමරන්නේ නෑ ????

    ReplyDelete
  60. එළ එළ අභියා ඔහොම යං.....නිතර කමෙන්ට්ස් නොදැම්මට මමත් අනිවා බලන බ්ලොග් එකක් මේක...

    මට කාල ඉන්නම බැරි උඹලා (බ්ලොග් කාරයො) සෙට් වෙච්ච ඒව ගැන කියවද්දි තමයි....ඒ වෙලාවට හිතෙනව ලංකාවෙ හිටියනං කියල...

    ReplyDelete
  61. ඔන්න මගෙනුත් සුබ පැතුම්! කඩේ යැවීමක් නෙමේ.
    මගේ අවංක සුබ පැතුම්...:D

    ReplyDelete
  62. මචන් මොන හේතුවකින් හරි මට මේ පොස්ට් එක මගහැරුනා. සමහර විට ඒ දවස් වල හපුතලේ හින්ද වෙන්න ඇති. අදයි මේක දැක්කේ.
    සමාවෙන්න ප්‍රමාදයට.
    මගේ සුභ පැතුමත් ඔබට....!!!!

    ReplyDelete
  63. සීයක් ලිව්ව ලිව්වමයි සද්දයක් නෑනෙ. මොකෝ උනේ ?

    ReplyDelete
  64. සුභපැතුම් මගෙනුත්, හැමදාම කියෙව්වට කමෙන්ටු නම් දාන්න උනේ නෑ. මේකට දැම්මේ නැත්තම් කියවන එකෙනුත් වැඩක් නෑනේ, සුභපැතුම් ආයෙත් සැරයක්.

    ReplyDelete
  65. 100ක් 200ක් 300ක් නෙමේ නිමක් නැතුව තව පෝස්ට් ලියන්න ෂක්තිය ලැබේවාzzzzz අභී අයියාzzzz

    ජයවේවාzzzzzzz :D

    ReplyDelete
  66. තවත් ශතකලාභියෙක්,,,සුබ පැතුම්....

    ReplyDelete
  67. ඔයා කවද්ද සෙන්චරිය දැම්මේ.....?? අයියෝ.....දැක්කෙ නෑනෙ.පරක්කුවෙලා හරි මෙන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්.

    හික්....මමනම් කැමතිම ඔයාගෙ අර "ඩෝන්ට් ජම්ප්" සීන් එක තිබුන කතාවට.හික්......හික්....මතක් වෙන ගානෙ හිනා යනවා.

    ReplyDelete
  68. All the best Abeetha aiya!!! Digatama liyanna...oyage katha kiyawala apita tikak hina wenna...:)))

    ReplyDelete
  69. පරක්කුයි වගේ.. ඔන්න මගෙනුත් ශතකයට සුබ පැතුම්..

    ReplyDelete
  70. සුභ පැතුම් අභි අයියා. 120 ට 220 ක් ආවඩා අයුබෝ වේවා. 100 ට 200 ක් බ්ලොග් පෝස්ට් ලියවේවා

    ReplyDelete
  71. සුභ පැතුම් අභීත අයියේ.
    කමෙන්ට් නොදැම්මාට අනිවාරෙන්ම මේ පැත්තේ ඇවිත් යනවා.
    සමාවෙන්න ප්‍රමාදයට..

    ReplyDelete
  72. පහු වෙලාහරි good luck කිව්ව ඕං.....

    ReplyDelete
  73. ලගදි ඈතිවුනු පුරුද්දක් බ්ලොග් කියවන එක.... අභි අය්යා නියමයි... කරගන යමු හෑමදාම... ජය...

    ReplyDelete